29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඇමරිකාවේ චිකාගෝ ගඟ කොළ පැහැයට හැරෙයි

ඇමරිකාවේ චිකාගෝ ගඟ කොළ පැහැයට හැරෙයි

ශාන්ත පැට්‍රික් දිනය වෙනුවෙන් එක්සත් ජනපදයේ චිකාගෝ ගඟ කොළ පැහැයට හරවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ශාන්ත පැට්‍රික්ගේ දිනය වාර්ෂිකව මාර්තු 17 වැනිදා සමරනු ලබන්නේ 5 වන සියවසේ පූජක ශාන්ත පැට්‍රික් අනුස්මරණය කිරීම සඳහාය.

මෙම සැමරුමේදී මිනිසුන් කොළ පැහැති ඇඳුම් ඇඳීමේ පුරුද්දක් ඇත. එහි කොටසක් ලෙස චිකාගෝ නගරයේ චිකාගෝ නදිය හරිතකරණය කිරීමේ කටයුතු ඊයේ සිදුවුණා.

විශාල ඔරුවල ගෙන යන මෝටර් රථවලින් කොළ පැහැති ඩයි ගඟට මිශ්‍ර කර ඇති අතර හරිත චිකාගෝ නදිය නැරඹීමට ප්‍රදේශවාසීන් පමණක් නොව සංචාරකයින්ද මෙහි පැමිණේ.

ගංගාව වර්ණවත් වී ඇති අයුරු දැක බලා ගැනීමට පැමිණි ජනතාව තම සුරතල් සුනඛයන් කොළ පාටින් වර්ණ ගන්වමින් සතුටු වූහ.

1962 සිට ගංගාව කොළ පැහැයෙන් වර්ණාලේප කර ඇති නමුත් 2020 දී කොරෝනා වෛරසය හේතුවෙන් ශාන්ත පැට්‍රික් දින සැමරුමට බාධා ඇති වූ අතර ගඟ සායම් කිරීම නතර විය. මෙම ඩයි එක අවම වශයෙන් සතියක්වත් ගඟේ හරිත වර්ණයෙන් පවතින බවයි පැවසෙන්නේ.