― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsගුවන්තොටුපළෙන් මහින්දානන්දව හරවා එවූ නිලධාරිනිය ගෙදර

ගුවන්තොටුපළෙන් මහින්දානන්දව හරවා එවූ නිලධාරිනිය ගෙදර

වෙනත් පුද්ගලයකුගේ විදෙස් ගමන් තහනමක් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්‍ෂණයක් ආරම්භ කළ බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඊයේ (12) සඳහන් කළේ.

එය පරිගණක දෝෂයක් ද එසේ නැත්නම් අදාළ නිලධාරිනියගේ අතපසුවීමක් ද යන්න වැඩිදුරටත් සොයාබලා නිලධාරිනිය පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙන බවයි හෙතෙම එහිදී අවධාරණය කළේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විදෙස්ගතවීම සඳහා පසුගියදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු විදෙස්ගතවීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ ඔහුට එරෙහිව මතුගම අධිකරණයෙන් ලබාගත් විදෙස් ගමන් තහනමක් ඇති බව පවසමිනි. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ සිය විදෙස් ගමන අවලංගු කර ඇත.