― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල්දේවිය පීලි ගනියි

යාල්දේවිය පීලි ගනියි

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය අද (13) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දී මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.

පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.