29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඩොලර් කලින් හුවමාරු කළා නම් ඉහළ අගයක් ගන්න තිබුණා

ඩොලර් කලින් හුවමාරු කළා නම් ඉහළ අගයක් ගන්න තිබුණා

ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් සමා කාලය තුළදී විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබාගැනීමට හැකිව තිබූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) දිනයේ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මෙරට අමෙරිකානු තානාපති ජූලී චන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහබැංකු අධිපතිවරයා පැවසුවේ,

ඩොලර් රැස් කරගෙන සිටි අපනයනකරුවන්ට වගේම ඩොලර් රැස් කරන ආනයනකරුවන්ට, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වැනි කළු වෙළෙඳපොළෙන් ඩොලර් රැස් කරන වෘත්තිකයින්ට එම ඩොලර් රුපියල්වලට හුවමාරු කරගන්න අපි මාසයක කාලයක් ලබා දුන්නා. ඒත් එක්රැස් වුණේ ඩොලර් මිලියන 30ක් පමණයි. අපට ඇහුම්කන් දුන් අපනයනකරුවන්ට එම කාලසීමාවේදී ඩොලරයකට රුපියල් 365.00ක් රුපියල් 370.00ක් විතර ලැබුණා. ඒ නිසයි අපි වෙළෙඳපොළට මැදිහත් වුණේ.” යනුවෙන්.