28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිප්පුවාට වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් අල්ලයි

පරිප්පුවාට වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී පසුගිය 07 වනදා සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර වෙඩි තැබීම සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ආධාර අනුබලදීම හා සැලසුම් කිරීම සිදුකළ පුද්ගලයාද වන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බොරැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවරුදු 28,30 සහ 34 යන වයස්වල පසුවන කොටුවිල, නවගමුව සහ ඉහළ බෝමිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිපදෙනකු සමඟ වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.

මෙම වැඩි තැබීමෙන් පරිප්පුවා සමඟ සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලැබූ අතර පරිප්පුවාට ඉන් හානියක් සිදුව තිබුණේ නැහැ. පරිප්පුවා නැමැත්තා කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම ප්‍රතිවිරුද්ධ පාර්ශවයක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.