31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිනියක ඔළුව ගැලවූ තරුණයින් තිදෙනා පොලිස් දැලේ

මිනියක ඔළුව ගැලවූ තරුණයින් තිදෙනා පොලිස් දැලේ

උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තරුණයන් තිදෙනක් අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය පවසයි.

පොලීසියට ලැබුණු පැමිණිල්ලකට මත මේ සමබන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 ,19, 20 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකි.

පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදාගම, මහව පදිංචිකරුවන් බවයි.

මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවශ්‍යතාවය සඳහා ගුරුකමකට මිනී ඔළුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මිනී ඔළුව ගලවා ගත් බවයි සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ගොඩගත් මිනී ඔලුව නැවතත් වළ තුළට දැමූ බවත් මීට මාස තුනකට පමණ පෙර මිය ගිය වයස අවුරුදු 105ක පමණ කාන්තාවකගේ සිරුරේ හිස මෙසේ ගොඩගෙන ඇති බවත් සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.

මිනී වළෙන් ගොඩගත් හිස සමග සැකකරුවන් ඡායාරූප ගෙන එම ඡායාරූප සමජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කරගෙන ඇති බවත් එම ඡායාරූප අනුව නිවැසියන්ට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.