27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 17ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

මිලියන 17ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (13) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රසීලයේ සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙක්. ඔහුගේ සැකකටයුතු හැසිරීම මත සිදුකළ පරීක්ෂා කිරීම්දී සඟවාගෙන සිටි මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

සුප් පැකට් ආකාරයට අසුරා තිබියදී මෙම කොකේන් පැකට් සොයාගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 17කට ආසන්නයි.

අත්අඩංගුවට ගැනුණු 54 හැවිරිදි සැකකරු සහ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වුණේ.