10.2 C
London
Friday, March 31, 2023

බුදු පිළිමයක වස් ඇරීමට කන්‍යා තරුණියක් ගෙන්වා පූජාවක් කරලා

බිබිල, වෑගම ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ගෙන ආ මිල කළ නොහැකි බුදු පිළිමයක වස් ඇරීමට යැයි පවසමින් කන්‍යා තරුණියක් කැඳවාගෙන පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පෞරාණික මිල කළ නොහැකි බුදු පිළිමයේ වස් ඇරීම සඳහා යාගයක් පැවැත්වීමට අවුරුදු 18ක් වයසැති කන්‍යා තරුණියක බිබිලවත්ත ප්‍රදේශයෙන් ඔවුන් විසින් මෙලෙස කැඳවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සිව්දෙනා මීට පෙර අවස්ථාවකදීත් මෙම තරුණිය මෙම නිවසටම කැඳවාගෙන විත් මැණික් ගලක වස් ඇරීමට යැයි කියමින් යාගයක් පවත්වා ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී එම තරුණියට රුපියල් 25,000ක මුදලක් ද සැකකරුවන් විසින් ලබා දී ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ. පොලිසියට ලද තොරතුරක් මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

බිබිල, වෑගම ප්‍රදේශයේ පදිංචි කපුවෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් පූජාව පවත්වමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (14) දිනයේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 28 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

Latest

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක් සහල් කිලෝ දහය බැගින් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබේ. රජය විසින් දැනටමත් දිළිඳු පවුල්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ පින්දෙණිය ආටාල ප්‍රදේශයේ පදිංචි දැරියකි. සිය නිවස අසළ පිහිටි...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here