27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී 2023-03-25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා ඇත.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදු කරනු ලැබේ. ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂික ව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගනු ලැබේ.