28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000ක්

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000ක්

වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීන් 3000ක පුරප්පාඩු පැවතීම හේතුවෙන් රාජකාරි කටයුතු සිදු කර ගෙන යාමේදී දැඩි අපහසුතාවට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා එකසත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සිලමන් ආරච්චි පැවසුවේ පවතින පුරප්පාඩු හේතුවෙන් එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයකද වැඩබැලීමට සිදුව ඇති බවයි.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම නිසා පසුගිය වසරේ (2022) දෙසැම්බර් 31 වැනිදා වන විට ග්‍රාම නිලධාරීන් 500දෙනෙකු විශ්‍රාම ගොස් ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.