23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඅසල්වැසියාගේ බල්ලා බුරන නිසා කාන්තාවක් කළ අපරාධය

අසල්වැසියාගේ බල්ලා බුරන නිසා කාන්තාවක් කළ අපරාධය

වයෝවෘද්ධ කාන්තාවක් තම අසල්වැසියාගේ බල්ලා බුරන නිසා පණපිටින් වළ දැමූ පුවතක් බ්‍රසීලයේ ප්ලැනුරා ප්‍රදේශයෙන් වාර්තා වේ.

ප්ලැනුරා ප්‍රදේශයේ ජීවත් වන 82 හැවිරිදි කාන්තාවකගේ නිවස අසළ පදිංචි තරුණියගේ ‘නීනා’ නම් සුරතල් සුනඛයාවයි මෙම වයෝවෘද්ධ කාන්තාව මිහිදන් කර ඇත්තේ.

සුනඛයා රාත්‍රියේදී නිරන්තරයෙන් බිරීම නිසා කෝපයට පත් මෙම කාන්තාව මෙම සුනඛයාව තම ගෙවත්තේ වළක වළ දමා තිබේ. තම සුනඛයා හදිසියේ අතුරුදන් වීමත් සමඟ කලබලයට පත් තරුණිය සැකකාර මෙම කාන්තාවගෙන් ඒ පිළිබඳව විමසා ඇති අතර ඇය විසින් සිදු වූ දේ ඇයට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

පැය එකහමාරක පමණ කාලයක් වළ තුළ සිරවී සිටි සුනඛයා පණපිටින් බේරා ගැනීමට හැකි වී තිබේ.

තවද සැකකාර කාන්තාව මෙම තරුණියට තර්ජනය කර ඇත්තේ “ඒ බල්ලා කවදාවත් මේ පැත්තට එවන්න එපා” යනුවෙනි.

පසුව එම තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය මෙම වයෝවෘද්ධ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පොලීසියට පවසා ඇත්තේ “ආයෙත් බුරන්න ගියොත් මම වළක් කපලා වළලනවා” යනුවෙනි.

කෙසේනමුත් සත්ව හිංසනය සම්බන්ධයෙන් එම වයෝවෘද්ධ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.