26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ කාන්තා මළසිරුරක්

ඉන්දියාවේ දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ කාන්තා මළසිරුරක්

බැංගලෝර්හි දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (13) දින බැංගලෝර්හි බයියප්පනහල්ලි දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුවක් අසළ තිබී මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මේ වසරේදී බැංගලෝර් දුම්රිය ස්ථානයක තිබී මළ සිරුරක් හමුවීමේ දෙවැනි සිදුවීම මෙය බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ඊයේ දින සොයාගත් මළ සිරුර වයස අවුරුදු 31 ත් 35 ත් අතර වයසේ පසුවන තැනැත්තියකගේ බවට විශ්වාස කෙරෙන අතර, එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

පුද්ගලයන් තිදෙනෙකු විසින් මළ සිරුර බහාලූ ප්ලාස්ටික් බැරලය ඔටෝරික්ෂෝවකින් ප්‍රවාහනය කර සඳුදා දුම්රිය ස්ථානයේ දොරටුව අසලට තබායන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති බවයි මේ සම්බන්යෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.