29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය සංගම් කිහිපයක් හෙට වර්ජනයට නැහැ

දුම්රිය සංගම් කිහිපයක් හෙට වර්ජනයට නැහැ

හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දුම්රිය සංගම් කිහිපයක් එක් නොවන බව වාර්තා වනවා.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනය සඳහා එක් නොවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති කිහිපයක අද (14) දිනයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව හෙට (15) පැවැත්වෙන වර්ජනයට සහාය දක්වන බව දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිතිය දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ සඳහන් කළා.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මේ අතර මෙම වර්ජනයට පෞද්ගලික බස්රථ කිසිඳු ආකාරයේ සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද සඳහන් කර සිටියා.