28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සිසුවාගේ ජීවිතය අනූ නමයෙන් බේරෙයි

පාසල් ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සිසුවාගේ ජීවිතය අනූ නමයෙන් බේරෙයි

යාපනය හින්දු විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඊයේ (13) පාසලේ ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් පැන සියිදිවි හානි කරගනීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වනවා.

තුන්වන මහලෙන් බිමට පැන ඇති පාසල් සිසුවා බරපතළ තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ. අදාළ පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට බිමට පැන ඇති අවස්ථාවේ දී දෙවැනි තට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලී බිමට වැටීම හේතුවෙන් සිසුවාගේ ජීවිතය බේරී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පාසල් සිසුවා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමට හේතුව නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර සිසුවා පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටි බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පාසල් සිසුවා විසින් ලියන ලද පිටු 07කින් යුත් ලිපියක් ද සිසුවාගේ බෑගයේ තිබී හමුව ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ අදාළ පරිගණක ක්‍රීඩාවේදී තමන්ට ලැබෙන අභියෝගයන් සිදුකිරීම බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් අදාළ සිසුවා මෙලෙස පාසල් ගොඩනැගිල්ලෙන් පැනීමට උත්සාකර ඇති බවට සැකයක් ද මතුවන බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.