26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි පැය කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ඇප දිය නොහැකි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමටද නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් තමා අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයකට පසුගියදා පෙත්සමක් ගොනු කර තිබූ අතර එම තින්දුව ලබාදීම අධිකරණය විසින් කල් තබනු ලැබීය.