29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික පාසලක සිසුන්ට නේවාසිකාගාරය තුළ දී දඬුවම් කළ ගුරුවරු හා පාලිකාවන් රිමාන්ඩ්

පෞද්ගලික පාසලක සිසුන්ට නේවාසිකාගාරය තුළ දී දඬුවම් කළ ගුරුවරු හා පාලිකාවන් රිමාන්ඩ්

විනය හේතුවක් මත පාසල් නේවාසිකාගාරය තුළ සිසුන් 10 දෙනෙකුට (පිරිමි ළමයින් 5 දෙනෙකු සහ ගැහැණු ළමයින් 5 දෙනෙකු) කෲරත්වයට පත්කිරීම් සම්බන්ධයෙන් බොක්කාවල පෞද්ගලික පාසලක ගුරුවරුන් සිටි දෙනෙකු සහ නේවාසිකාගාර පාලිකාවන් දෙදෙනෙකු මහනුවර කොට්ඨාශයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (14) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.