― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ රැව්දුන් සිංහල ගීතය

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ රැව්දුන් සිංහල ගීතය

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙයේ දී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කිරීම මේ වනවිට බොහෝ දෙනෙක් අතර කතා බහක් මතුව තිබෙනවා.

මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘වායෝ’ සංගීත කණ්ඩායමේ “අනාගතයේ” ගීතය මෙලෙස එම කලාකරුවන් දෙදෙනා විසින් ගායනා කරනු ලැබුවා.

රොෂානි ඇබී සහ නුවන් පෙරේරා නමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවන් දෙදෙනා මෙලෙස වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙම ගීතය ඉදිරිපත් කළා.

මෙම දේව මෙහෙයට තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසව ද සහභාගී වී සිටි අතර, එහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය දින පණිවිඩය තෙවැනි චාල්ස් රජු දේව මෙහෙයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.