25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමාළිමාවේ මන්ත්‍රීවරු තිදෙනෙක්ට පොහොට්ටු මන්ත්‍රීගෙන් ඇඳුම්

මාළිමාවේ මන්ත්‍රීවරු තිදෙනෙක්ට පොහොට්ටු මන්ත්‍රීගෙන් ඇඳුම්

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මනෝජ් ද සිල්වා අද (14) පැවති මාසික සභා රැස්වීම අතරතුර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා වෙත අලුත් ඇඳුම් කට්ටල තුනක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ළඟ එන අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙලෙස ඇදුම් කට්ටල තුනක් පිරිනමා ඇති අතර, ඒවා පිළිගැනීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මනෝජ් ද සිල්වා මන්ත්‍රීවරයා සභාවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු සභාවට රැගෙන ආ පිරිමි ඇඳුම් කට්ටල දෙකක් සහ කාන්තා ඇදුම් කට්ටලයක් පාලක පක්ෂ මන්ත්‍රී නිලන්ක චන්ද්‍රලාල් විසින් ඔවුන්ට භාරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කළුතර ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය දැඩි පිළිකුලෙන් යුතුව එම ඇදුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.