26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවිදෙස් සංචාරකයින්ට බාලි දූපත ආශ්‍රිතව යතුරුපැදි තහනම් වන ලකුණු

විදෙස් සංචාරකයින්ට බාලි දූපත ආශ්‍රිතව යතුරුපැදි තහනම් වන ලකුණු

සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් සහිත ඉන්දුනීසියාවේ බාලි දූපත ආශ්‍රිතව විදෙස් සංචාරකයින්ට යතුරුපැදි තහනමක් පැනවීමට සූදානම් වනවා.
ඒ, මාර්ග නිති උල්ලංඝනය කිරීමේ සිදුවීම රැසක් අඛන්ඩව වාර්තාවීමත් සමඟයි.

බාලි දූපතේ ආණ්ඩුකාර වයන් කොස්ටර් ප්‍රකාශ කළේ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව දූපතේ අධික වේගයෙන් බලපත්‍රයක් හෝ නොමැතිව සංචාරකයන් හිතුමතේ යතුරු පැදිවලින් ගමන් කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

විදෙස් සංචාරකයන් 171 දෙනෙකු පෙබරවාරි අවසානයේ සිට මේ දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.