― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑළවළු මිල අඩුවෙයි

එළවළු මිල අඩුවෙයි

එළවළු තොග මිල ගණන් අඩුවී ඇති බව වාර්තා වෙයි.

යාපනය ප්‍රදේශයෙන් එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම හේතුවෙන් මෙලෙස මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) යාපනයෙන් එළවළු කිලෝග්‍රෑම් හැට දහසක් ලැබී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ බෝංචි රුපියල් 150, ලීක්ස් රුපියල් 150, කැරට් රුපියල් 100, තක්කාලි රුපියල් 130, රාබු රුපියල් 40, නෝකෝල් රුපියල් 70, ගෝවා රුපියල් 40, අර්තාපල් (යාපනය) රුපියල් 140 සහ අර්තාපල් (නුවරඑළිය) රුපියල් 200 වශයෙන් කිලෝග්‍රෑමයක තොග මිල පැවැතිණි.