30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී තවත් මැලේසියානු රැකියා දස දහසක්

මේ වසරේදී තවත් මැලේසියානු රැකියා දස දහසක්

මැලේසියානු රජය අනුමත කළ රැකියා දසදහසේ කෝටාවට අමතරව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.

මෙම රැකියා දසදහස වත්මන් මැලේසියානු රජයේ සහයෙන් රැකියා ලක්ෂය දක්වා වැඩි කරගත හැකි බවත් ඉදිරියේදී මාසිකව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ජනතාව විදේශ රැකියා වෙත යොමුකිරීමේ සම්පුර්ණ වගකීම රැකියා නියෝජිත ආයතන වෙත පවරා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.