30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකොලොම්බියාවේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

කොලොම්බියාවේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම කොලොම්බියාවේ ගල් අඟුරු පතලක පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී තිබෙනවා.

කම්කරුවෙකු සතු මෙවලමකින් පිටවූ ගිනි පුපුරක් හේතුවෙන් කිසියම් පිපිරීමක් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පතල් කම්කරුවන් මීටර් 900ක් (අඩි 2,950ක්) පොළොව යට සිරවී සිටි අතර, සෙවීමේ කටයුතුවල නිරතව සිටින සහන කණ්ඩායම් සාමාජිකයන් 100කට වැඩි පිරිසකට ප්‍රවේශය අපහසු වී ඇතැයි ද සඳහන්.

ගතවන සෑම මිනිත්තුවක් තුලම අභ්‍යන්තරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන බව නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

පතල් අනතුරු නිතර සිදුවන කොලොම්බියාවේ තෙල් සහ ගල් අඟුරු ප්‍රධාන අපනයනයන් වනවා.

අගෝස්තු මාසයේදී, මධ්‍යම Cundinamarca ප්‍රදේශයේ දී නීති විරෝධී ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පසු කම්කරුවන් නව දෙනෙකු බේරා ගනු ලැබුවා.

2021 වසරේ දී, කොලොම්බියාවේ පතල් ආශ්‍රිත අනතුරුවලින් මරණ 148ක් සිදුව තිබෙනවා.