23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldතවත් මෙටා සේවකයන් 10,000ක් දොට්ට දැමීමට තීරණයක්

තවත් මෙටා සේවකයන් 10,000ක් දොට්ට දැමීමට තීරණයක්

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප්හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින් 10,000කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

මේ එම සමාගම මාස 4ක් තුළ සේවකයින් ඉවත්කරන දෙවැනි අවස්ථාවයි.

ඉකුත් වසරේ (2022) නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම්වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා මෙම අසීරු තීරණය ගත් බවයි.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.