26 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය තවත් කල් යන ලකුණු

මැතිවරණය තවත් කල් යන ලකුණු

මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

ඡන්ද පත්‍රිකා සහ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම නිසා තැපැල් ඡන්දය පමණක් නොව අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීමද තවදුරටත් කල් දැමීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මෙම මස 28,29,30 සහ 31 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපෑලට භාරදීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වැනිදාය.