26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබළලෙක් නිසා තිදරු මවකට දිවි අහිමි වෙයි

බළලෙක් නිසා තිදරු මවකට දිවි අහිමි වෙයි

බළලෙකු සපා කෑමෙන් ඇති වූ වම් පාදයේ ආසාදනයක් හේතුවෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නැගෙනහිර තල්පේ ප්‍රදේශයේ හැත්තෑපස් හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 13 වැනිදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදු කර තිබේ.

මියගිය කාන්තාව නිවසට පැමිණෙමින් සිටියදී නිවසේ සිටි බළලා විසින් ඇයගේ වම් පාදය සපා කා ඇති අතර ඇය එය නොසලකා හැරීමෙන් අනතුරුව උණ රෝගය වැළඳී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 13 වැනිදා මිය ගොස් තිබේ.
බළලෙකු සපා කෑමෙන් ඇති වූ තුවාලයක් ආසාදනය වීමෙන් ඇය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.