― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ගුරුවරුන්ට විශේෂ ප්‍රකාශයක්

අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ගුරුවරුන්ට විශේෂ ප්‍රකාශයක්

වෘත්තීය වගකීමටත් වඩා සමාජ වගකීම ඉටු කිරීමට මානුෂීය මුහුණුවරකින් බලා ගුරුවරුන් වගවීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. 

 අමාත්‍යවරයා පවසන්නේ මානව හිමිකම් ඉල්ලා හඬ නොනඟන ලක්ෂ 41 ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කිරීමට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුත් නොමැති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ වෘත්තීය වගකීම නිසි ලෙස ඉටු කරන ගුරුවරුන් මෙන්ම එසේ කටයුතු නොකරන ගුරුවරුන් හේතුවෙන් පාසල් සිසුන්ට ගැටළු රැසකට මුහුණ දීමට ද සිදුව ඇති අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා නොකිරීම අයහපත් තත්ත්වයක් වන බවයි.