10.2 C
London
Friday, March 31, 2023

ක්‍රිකට් තරඟය බැලීමට පොරකන නේපාල ක්‍රිකට් ලෝලීන්

2023 ලෝක කුසලාන ක්‍රිකට් ලිගයේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති එක්දින තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණ සිටින ආකාරය දැකිය හැකි වුණා.

මෙම තරගය නැරඹීම සඳහා නේපාල ක්‍රිකට් ලෝලින් පාන්දර 4 සිට ක්‍රීඩාගාරය අසල පොරකන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අද (16) පෙරවරුවේ ආරම්භ වූ දෙරට අතර තරගයේ ජය හිමි වුණේ ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව නේපාල කණ්ඩායම් වෙතයි.

නේපාල කණ්ඩායම් ක්‍රිකට් වංශකතාවට එක් වන්නේ නවක ක්‍රිකට් කණ්ඩායමක් ලෙසින් වීම ප්‍රේක්ෂකාගාරය මෙතරම් ප්‍රේක්ෂකයින්ගෙන් පිරි ඉතිරී යාමට හේතුව වී තිබෙනවා.

වැඩිපුරම පැමිණ සිටියේ නේපාල ජාතිකයින් බවයි විචාරකයින් සඳහන් කරන්නේ.නේපාලයේ කිර්තිපූර් නගර ක්‍රීඩාංගණයේ දි දෙරට අතර මෙම තරගය පැවැත්වුණා.

පළමුව පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 310ක් ලබාගත්තේ ප්‍රතිවාදි නේපාල කන්ඩායමට ප්‍රතිඅභියෝගයක් වෙමින්.

වර්ෂාව බාධා එල්ල වීමත් සමග නේසාල කණ්ඩායම් පන්දුවාර 44ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 269ක් රැස් කරගෙන සිටියා.

කෙසේ වෙතත් දිගින් දිගටම තරගයට වැස්සෙන් බාධා පැමිණීම නිසා තරගය අතහැර දමන්නටත් ඩක්වත් ලෙවිස් න්‍යායයට අනුව තරගයේ ජය නේපාල කන්ඩායමට ලබා දෙන්නත් ක්‍රිකවි තරග විනිසුරුවන් තිරණය කළා.

Latest

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන්...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

පැතුම්ගෙන් අති විශිෂ්ඨ අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය 06 වන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට අද (31) සමත් වුණා. නවසීලන්තය සමඟ හැමිල්ටන් හිදී මේ වනවිට...

රොෂාන් රණසිංහගෙන් ක්‍රිකට් කවුන්සිලයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වයට එල්ල විය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව සොයා බැලීමට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන්...

වනිඳු හසරංග එක් ස්ථානයක් පහළට

ජාත්‍යන්තර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here