29.8 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවගා ළිඳකට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වගා ළිඳකට වැටී තරුණියක් ජීවිතක්ෂයට

මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසළ පිහිටි කුඹුරු යායට ගොස් නැවත පැමිණීමේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබෙනවා. පසුව අවට සිදු කළ පරීක්ෂා කිරීමේදීයි ඇය වගා ළිඳට වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

මියගිය තරුණියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහ රෝහලට යොමු කර තිබෙනවා. මිහින්තලය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.