― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅන්තරේ සමඟ අරගල කරන්න යාපනයෙන් කොන්දේසියක්

අන්තරේ සමඟ අරගල කරන්න යාපනයෙන් කොන්දේසියක්

දෙමළ ජනතාවට ඇති බරපතළ ගැටලු සම්බන්ධයෙන් දකුණේ ජනතාව සුබවාදීව බැලීමට සූදානම් නම් පමණක් එක්ව අරගල කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අලගරාසා විජයකුමාර් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් යාපනයට ගොස් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා පැවත්වූ සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙමළ ජනතාවට අලුත් කාරණාවක් නොවන බවයි.

එහිදී යාපනය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කර ගැනීමට සියලු විශ්වවිද්‍යාලවල සහයෝගය අවශ්‍යව ඇතැයි වසන්ත මුදලිගේ තම සංගමයෙන් ඉල්ලා සිටි බවයි.