29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 08කට වැඩ වරදී

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 08කට වැඩ වරදී

මන්නාරම, සිලාවතුර හා වංකාලේ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පවසන්නේ අත්අඩංගුවට පත් පිරිස සමඟ කිමිදුම් උපකරණ හා මුහුදු කූඩැල්ලන් 814ක් පමණ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

පසුගිය 13 වැනිදා අළුයම් කාලයේ දී වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ‍නෞකා විජය ආයතනය විසින් මන්නාරම, සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී, වලංගු බලපත් රහිතව එම නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සමඟ කිමිදුම් උපකරණ හා මුහුදු කූඩැල්ලන් 580ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.