25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයෙන් ඩොලර් මිලියන 1.8ක් මෙරටට

ජපානයෙන් ඩොලර් මිලියන 1.8ක් මෙරටට

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ වඩාත් අවධානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාර ලබා දී තිබේ.

මෙම අරමුදල් මඟින් ලක්ෂ 6කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානිය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරුවන් දැඩි ලෙස බලපෑමට ලක් වී ඇති අතර ඉන් වැඩි පිරිසක් දුප්පත් පවුල්වල සහ වැඩි අවදානමක් සහිත පවුල්වල දරුවන් වේ.