― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපනාගොඩ කඳවුරෙන් අතුරුදන් වූ ගිනිඅවිය හමුවෙයි

පනාගොඩ කඳවුරෙන් අතුරුදන් වූ ගිනිඅවිය හමුවෙයි

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් ගිනි අවියක් සහ මැගසින් 3ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සැරයන්වරයෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 3 වනදායි ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කර තිබූ මෙම අවිය සහ පතුරම් 90ක් අඩංගු මැගසින 3 සොරකම් කර තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයට අනුව ඊයේ උදෑසන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පිහිටි සුසාන භූමිය ආසන්නයේදීයි. හිටපු යුද හමුදා සෙබළා විසින් ගිනි අවිය සහ උණ්ඩ සොරකම් කර ඇති අතර එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සඟවා තැබීමට අනුබල දීම සම්බන්ධයෙන් යුද හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කළ ගිනි අවිය සහ පතුරම් 90 අඩංගු මැගසින 3 ද සොයාගෙන තිබෙනවා. හිටපු යුද හමුදා සෙබළා අවුරුදු 30ක් වයසැති පුද්ගලයෙක් වන අතර ඔහු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 36 හැවිරිදි සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.