25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවගා ළිඳකට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වගා ළිඳකට වැටී තරුණියක් ජීවිතක්ෂයට

මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය තරුණියගේ නැගණිය ගවයින් බැලීම සඳහා අසළ පිහිටි කුඹුරු යායට ගොස් නැවත පැමිණීමේදී වැඩිමහල් සහෝදරිය නිවසේ නොමැති බවට දැනගෙන තිබෙනවා. පසුව අවට සිදු කළ පරීක්ෂා කිරීමේදීයි ඇය වගා ළිඳට වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

මියගිය තරුණියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහ රෝහලට යොමු කර තිබෙනවා. මිහින්තලය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.