― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාසල් දරුවන් ගැන සිදුකළ විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වූ දේ

පාසල් දරුවන් ගැන සිදුකළ විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වූ දේ

කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණ වී තිබෙනවා. 

 තුන්වැනි ශ්‍රේණියේ දරුවන් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයට අනුව සියයට 90කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබුණා.

ඒ, 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි මස දක්වා කාලය තුළදීයි මේ සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක තුන්වැනි ශ්‍රේණියේ දරුවන් 10,000ක් පමණ සහභාගී කරගෙන තිබෙනවා සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේයි සමීක්ෂණය සිදුකර තිබුණේ.

එම දරුවන්ගෙන් සියයට 90කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ලබාගත නොහැකි වී ඇති බව එමගින් අනාවරණ වී තිබෙනවා 

 සංගණනය සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27ක පිරිසක් දරුවන්ගෙන් සියයට 73ක එම කුසලාතව අසමත්වී තිබෙනවා කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80ක පිරිස එය අසමත්වී තිබුණා. සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34ක ප්‍රතිශතයක් පමණයි.

දරුවන්ගේ සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී එය සමත්ව තිබුණේ සියයට 7ක් පමණ වූ ඉතා අඩු සංඛ්‍යාවක්.  , පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප්‍රවේශයක් නොතිබූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ. 

සාක්ෂරතා කුසලතා අඩු සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට පියවර ගත යුතු බවයි මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ.