― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsහිටපු අටමස්ථානාධිපති භාවිතා කළ වාහන සම්බන්ධයෙන් ලැබුණු තීන්දුව

හිටපු අටමස්ථානාධිපති භාවිතා කළ වාහන සම්බන්ධයෙන් ලැබුණු තීන්දුව

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් පරිහරණය කළ රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී වාහන 04 ක් අතරින් වාහන තුනක අයිතිය වත්මන් අටමස්ථානාධිපති නාහිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට පනවන ලෙසට අනුරාධපුර දිසා අධිකරණය අද නියෝග කළාය.

එක් ජිප් රථයක අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයෙකුට පවරන ලෙසයි අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදිකා ඩී. පියරත්න නියෝග කර ඇත්තේ.

හිටපු අටමස්ථානාධිපති හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජිප් රථ 02ක, මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු මෙම නඩුව පවරා තිබුණා.

කෙසේ වෙතත් පසුව වගඋත්තරකාර පාර්ශ්වයන් සමඟ ඇතිකරගත් සමථයක් සළකා බැලීමෙන් අනතුරුවයි අනුරාධපුර දිසා විනිසුරුවරිය මෙම නියෝගය ලබා දි පැත්තේ.