28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldභූ කම්පනයෙන් බැට කෑ තුර්කියට තවත් ඛේදවාචකයක්

භූ කම්පනයෙන් බැට කෑ තුර්කියට තවත් ඛේදවාචකයක්

පසුගිය මාසයේ ඇති වූ භූමිකම්පාවෙන් විනාශයට පත් වූ ගිනිකොනදිග තුර්කියේ නගර දෙකකට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

විපතට පත්වූවන් අතර භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය ද වන අතර ඔවුන් භූමිකම්පාවෙන් පසු කුඩාරම් නිවාසවල ජීවත් වූ බවයි වාර්තා වන්නේ. සැන්ලියර්ෆා හි වීදි හරහා ගංවතුර ගලා යාම හමුවේ මෝටර් රථ පෙරළී ගිය අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි සඳහන්.

අඩියමන් ප්‍රදේශයේ පවුල් දෙකක් රැඳී සිටි කන්ටේනරයක් ද ගංවතුරට හසුවී තිබෙනවා. මියගිය පුද්ගලයින් දෙදෙනෙකු අතර කන්ටේනරයේ ජීවත් වූ කාන්තාවක් ද වන අතර තවත් කිහිප දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වනවා.

මෙම ජල ගැලීම් තත්වය මත ආරක්ෂක අංශ විසින් නගරයේ කූඩාරම් ඉවත් කර තිබෙනවා. තුර්කියේ භූ කම්පනයෙන් ජිවිත 48,000ක් පමණ අහිමි වූ අතර තවත් බොහෝ දෙනෙකුට නිවාස අහිමි වුණා.