31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවසරක් 20ක් යටගිය දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ගේනවා

වසරක් 20ක් යටගිය දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ගේනවා

දූෂණ විරෝධී පනත අඟහරුවාදා (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

වසර විස්සකට ආසන්න කාලයක් පුරා මෙවැනි දූෂණ විරෝධී පනතක් ගෙන ඒමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබුණා. එම නිසා දූෂණයට විරුද්ධ හෝ පක්ෂපාතී දේශපාලනඥයන් කවුරුන්ද යන්න නව දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු හෙළිදරව් වෙන බව ඔහු පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමේ කටයුත්තේදී මෙම දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බවත් එම නිසා නීතිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති නව දූෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.