9.2 C
London
Thursday, March 23, 2023

සරසවිය තුළ පෙම් කරන්න තහනමක් නැහැ – පේරාදෙණියේ කුලපතිවරුන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පෙම් කිරීමට තහනමක් නොමැති බව එහි උප කුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ හා නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුරජිත් යන මහත්වරු පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිරි දැක්ම පිළිබඳව අදහස් දැක්වීම වෙනුවෙන් එහි සනාතන මන්දිරයේ පැවැති සාකච්ඡාවක දීයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

සනාතන මන්දිරය අසල විශ්වවිද්‍යාල සිසු පෙම් යුවළක් සිප වැළඳ ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා සිදුකරන විවේචනයන්ට පිළිතුරු දෙමින් එම පාලක දෙපළ මේ බව සඳහන් කර තිබෙනවා.

අක්කර 1700ක් පුරා සෞන්දර්යවාදීව පැතිරී ඇති විශ්වවිද්‍යාලය භූමිය තුළ සිටින දහතුන් දහසක සිසුන්ගේ අයිතිවාසිකම් හා නිදහස තමා පිළිගන්නා බව පැවසූ උපකුලපතිවරයා කියාසිටියේ සිසු මර්දනය නොව සිසු සංවර්ධනය තමාගේ එකම අරමුණ බවයි.

මෙරට පැවැති කොරෝනා වසංගතය, වර්තමාන ආර්ථික අවපාතය හා උද්ඝෝෂණ මැද විශ්වවිද්‍යාල සිසුවා මෙන්ම සරසවි ඇඳුරන් ද දැඩි පීඩාවකට පත් වී බැවින් සිසුන්ගේ මානසික සුවයට අවස්ථාව ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

“විශ්වවිද්‍යාලය පුරා වැටී ඇති මාර්ග එක්දහස් හත්සියයක් පුරා ඔවුන් නිදහසේ ගමන් කරනවා. සෞන්දර්යවාදී පරිසරය ඔවුන් ප්‍රයෝජනයට ගන්නවා අප ඒ දේවල් අගය කරනවා. විශ්වවිද්‍යාලය තුළ සිප වැළඳ ගැනීම් වලට බාධා නෑ. නමුත් සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් නොගැළපෙන ලෙස මේ දේ කිරීමට යාම ගැටලුවලට හේතු වී තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපියන්, පාසල් ළමුන්, බාල මහලු සියලු දෙනා විවිධ කාර්යයන් සඳහා මෙම විශ්වවිද්‍යාලෙට පැමිණෙනවා. විශේෂයෙන් රට පුරා ඇති පාසල්වල කුඩා සිසු දරුවන් හා ගුරුවරුන් මෙහි චාරිකාවල යෙදෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල සිසුවා පිළිබඳව මෙන්ම භාහිරින් පැමිණෙන පිරිස් පිළිබඳව ද පාලකයන් ලෙස බැලීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුවයි නොගැළපෙන දේ යන්න අපට විග්‍රහ වන්නේ.”

ලෝකයේ හොඳම සරසවිය දහස අතරේ ඇති වසර අසූවක් පුරා සෞන්දර්යවාදීන් විද්‍යාඥයන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආදී උගතුන් බිහිකළ පේරාදෙණිය සරසවියේ ගෞරවයත් මේ සමග ඉදිරියට රැකගත යුතු බව ද උපකුලපතිවරයා ප්‍රකාශ කළා. සරසවි ආචාර්යවරුන් හෝ සිසුවා සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදයෙන් ඔබ්බට ගමන් කිරීම සියලු ගැටලුවලට හේතු බවයි ඔහු සඳහන් කළේ.

සියලු සිසු සිසුවියන් ගේ මානසික සුවතාවය, අධ්‍යාපනය, ආර්ථිකය හා විවිධ ගැටලු සඳහා විශ්වවිද්‍යාලය මැදිහත්වීම වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව මහාචාර්යවරුන් දෙදෙනාම මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා ඇතුළුකර ගන්නා සියලුම සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කළ බව ද උප කුලපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා සඳහන් කළා.

එහිදී ප්‍රකශ කෙරුණේ, ඉදිරියේ දී ඇතුළත් කර ගන්නා සියලු සිසුන් කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට ද නියමිත බවයි.

Latest

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන්...

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස්...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. එම තරගාවලිය නොවැම්බර් මස 19...

අරලියගහ මන්දිරයේ තිබූ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි

අරගලය පැවති සමයේ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපල විනාශ කිරීමේ සිද්ධියට අදාළව මන්දිරයේ තිබූ ලේ සාම්පල් පහක් සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන...

රාමසාන් උපවාසය 24 වැනිදා ඇරඹෙයි

ලබන 24 වැනිදා සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. අද දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here