29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආදායම් බදු වාර්තා ඔන්ලයින් ක්‍රමයට

ආදායම් බදු වාර්තා ඔන්ලයින් ක්‍රමයට

අප්‍රේල් 1 සිට ඇරඹෙන වසර 2023-2024 බදු වර්ෂයේ සිට සෑම වසරකම පුද්ගල ආදායම් බදු වාර්තා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්‍රමයෙන් ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ආදායම් බදු වාර්තා කඩිනමින් සහ ක්‍රමානුකූලව දෙපාර්තමේන්තුවට ලබාගැනීමට ක්‍රියාකිරීම තුළින් ආදායම වැඩිවීම පමණක් නොව බදු ගෙවන්නන්ටද පහසුව සැලසීමේ අරමුණෙන් මේ තීරණය ගෙන ඇත.

මෙම වසරේ (2022 -2023) තනි පුද්ගල ආදායම් බදු වාර්තා ඔන්ලයින් ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට නැතිනම් සාමාන්‍ය (මැනුවල්) ක්‍රමයට ලබාදීමට අවස්ථාව සලසා දී ඇත.

ඒ අනුව වසර 2022 – 2023 බදු වර්ෂය සඳහා වන වාර්තා ලබා දීමේ කාලය සේ සැලකෙන මෙම මස 31 වැනිදායින් පසු නොවැම්බර් 30 දක්වා කාලය තුළ ඔන්ලයින් ක්‍රමයට හෝ සාමාන්‍ය ක්‍රමයට තම දෙපාර්තමේන්තුවට ඒවා ලබා දිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.