28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියර බිත්තර බද්ද 200ට බස්සයි

දියර බිත්තර බද්ද 200ට බස්සයි

දියර බිත්තර කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 1,300ක සෙස් බද්ද රුපියල් දෙසීය දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

මේ තීරණය පෙරේදා (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අතර කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කටයුතු සිදු කරන ඕනෑම අයකුට දියර බිත්තර ආනයනය කිරීමට හැකියාව ලැබෙන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවැසීය.

බිත්තර මිල ඉහළ යාම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් මෙරටට දියර බිත්තර හා බිත්තර පවුඩර් ආනයනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැති අතර එහි දී ගනු ලැබූ තීරණයක් අනුව මෙම බදු සහනය ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

විශාල බදු බරක් දැරීමට සිදු වීම හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට දියර බිත්තර ආනයනය නොකෙරුණු අතර මෙම බදු සහනයත් සමඟ දියර බිත්තර ආනයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට බේකරි නිෂ්පාදකයන් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් සිටින බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික උමංග විතානගේ පැවසීය. ඒ අනුව මෙරට දියර බිත්තර ආනයනය කෙරෙනුයේ ප්‍රථම වරටය.