27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනංජයගේ 10 වන ශතකය ලකුණු 02කින් මිස් වෙයි

ධනංජයගේ 10 වන ශතකය ලකුණු 02කින් මිස් වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අද සිය 10 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය අවාසනාවන්ත ලෙස අහිමිව ගියා.

ධනංජයට මෙම ශතකය අහිමිව ගියේ ලකුණු දෙකකින්. ඔහු පන්දු 185කට මුහුණ දෙමින් ලකුණු 98ක් ලබාගෙන සිටිය දී ඩග් බ්‍රේස්වෙල්ගේ පන්දුවකට හෙන්රි නිකොල්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

පන්දු 185තුළ වාර්තා වූ ධනංජයගේ මෙම ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 01ක් ඇතුළත්. නවසීලන්තය සමඟ මේ වන විට වෙලින්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තියුණු සටනක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වනවිට කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 320ක් රැස්කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පසුවන්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 96ක් පසුපසින්.