26.7 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපන්විල රිය අනතුරකින් 13 දෙනෙක් රෝහලට

පන්විල රිය අනතුරකින් 13 දෙනෙක් රෝහලට

පන්විල, නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13ක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (19) සවස් කාලේයදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. නාරම්පනාව දෙස සිට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කළ ත්‍රීරෝද රථයක ගැටී ලොරි රථය සහ ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ඊයේ (19) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් ලොරි රථයේ ගමන්කළ පුද්ගලයින් 11 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.