28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොතුහැරදී වෙඩි වැදීමෙන් අයෙක් ජීවිතක්ෂයට

පොතුහැරදී වෙඩි වැදීමෙන් අයෙක් ජීවිතක්ෂයට

පොතුහැර පොලිස් වසමේ කන්දෙවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස වෙඩිවැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර එසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි පනාපිටිය, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මීට දින 05කට පමණ පෙර මොරගොල්ල වත්ත නැමති ඉඩමේ කම්කරුවෙකු ලෙස සේවයට පැමිණි මරණකරු ඊට යාබද කන්දේවත්ත නැමැති ඉඩමේ කැලෑබද ප්‍රදේශයක විදෙස් රටක නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් මතට තුවාල සහිතව මුණින් අතට වැටී සිටියදී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයේදී මරණකරු ආසන්නයේ වෙඩිවැදී මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර තවද විදුලි පන්දමක්, ජංගම දුරකථනයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.