― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldරජිනිකාන්ත්ගේ දියණියගේ නිවසේ දියමන්ති සහ රන් සොරකමක්

රජිනිකාන්ත්ගේ දියණියගේ නිවසේ දියමන්ති සහ රන් සොරකමක්

ප්‍රවීන ඉන්දීය රංගන ශිල්පී රජිනිකාන්ත්ගේ දියණියගේ නිවසේ තිබූ දියමන්ති සහ රන් ආභරණ සොරකම් කර ඇති බව ඇය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඓශ්වර්යා රජිනිකාන්ත් පසුගිය පෙබරවාරි මස 27 වනදා මෙම පැමිණිල්ලක් ගොනුකර ඇති බවටයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය අද (20) වාර්තා කර තිබුණේ.

චිත්‍රපට නිෂ්පාදකවරියක වන ඓශ්වර්යා මෙම පැමිණිල්ල සිදුකරමින් සඳහන් කර ඇත්තේ තම නිවසේ කාර්ය මණ්ඩලය තිදෙනෙකු, රියදුරෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු මෙම සොරකම සම්බන්ධයෙන් සැක කරන බවයි.

2019 වසරේ තම බාල සොහොයුරියගේ විවාහ මංගල්‍යයේදී මෙම ස්වර්ණාභරණ භාවිත කිරීමෙන් පසු එම ආභරණ තම ලොකරයේ තබා තිබූ බවත්, ඉන් අනතුරුව ලොකරය ස්ථාන තුනකට මාරු කර බවත් ඇය පොලිසිය හමුවේ පැමිණිල්ල සිදුකරමින් පවසා තිබෙනවා.

අයිශ්වර්යා වැඩිදුරටත් පවසා ඇත්තේ, ලොකර් යතුරු තබා ඇත්තේ ශාන්ත මේරි පාරේ පිහිටි මහල් නිවාසයේ ඇගේ පෞද්ගලික වානේ අල්මාරියේ බවයි.

එය තමන්ගේ කාර්ය මණ්ඩලය දන්නා බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇති බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

පසුගිය පෙබරවාරි 10 වනදා ලොකරය විවෘත කළ විට තමාගේ වටිනා ආභරණවලින් කොටසක් නැති වී තිබූ බවයි ඇය පවසා ඇත්තේ.

අද වනතුරුත් ඒවා නිවසේ සොයමින් සිටිය ද සොයා ගැනීමට නොහැකි වූ බවත්, තම විවාහයෙන් පසු පසුගිය වසර 18 තුළ එම වටිනා ස්වර්ණාභරණ සියල්ල එකතු වූ ඒවා බවත් සඳහන් කර තිබෙනවා.

අයිශ්වර්යාගේ මෙම පැමිණිල්ල මත ඉන්දීය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.