25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරටම කම්පා කළ විද්‍යා ඝා+තන සිද්ධියට අදාළ නඩුවකට අධිකරණය දුන් නියෝගය

රටම කම්පා කළ විද්‍යා ඝා+තන සිද්ධියට අදාළ නඩුවකට අධිකරණය දුන් නියෝගය

2015 වසරේ මැයි මස 13වනදා යාපනෙයේ දී විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අද (20) මෙම අභියාචනා පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 06 වනදා විභාගයට ගැනීමට දින නියම කර තිබේ.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්වීස් කුමාර්” ඇතුළු විත්තිකරුවන්ව දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් තිබුණි.

විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.

එම දඬුවම නියමකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් නියෝග කරන්නැයි එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා මගින් ඉල්ලා තිබේ.