13.7 C
London
Friday, June 9, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමනාවක් රජයට නැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ඒ සම්බන්ධ සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත් කවුරුන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව අත්සන් කරන ගිවිසුමේ ඇති කොන්දේසිවලට විරුද්ධ ඒ වෙනුවට කළ හැක්කේ කුමන්දැයි තනි තනි දේශපාලන පක්ෂය දරණ මතය පාර්ලිමේන්තුවේ සටහන් කර තැබීම වැදගත් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටා ඇතැයි කී අමාත්‍යවර්‍රයා කියා සිටියේ එම අවස්ථාවල එකඟ වූ කොන්දේසි ඉන්පසු ඉටුකර නොමැති බවත් මෙවර එසේ වුවහොත් රට මීට වඩා දරුණු අගාධයකට පත්වන බවත්ය.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. "පොහොර...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත් වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි තමා රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here