32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසට යමින් සිටි පිය පුතු දෙපළගේ ගමන නැවතූ මාරක අනතුර

නිවසට යමින් සිටි පිය පුතු දෙපළගේ ගමන නැවතූ මාරක අනතුර

පස්සර – බඩල්කුඹුර මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් අද (21) දවල් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි පිය පුතු දෙපළකින් පුතා මියගොස් පියා බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් වන අතර තුවාල ලැබූ පියා 57 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මොවුන් පස්සර – මීදුම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

පියපුතු දෙපළ යතුරුපැදියෙන් බඩල්කුඹුර ප්‍රදේශයට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටිය දී තොළබෝවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් පසු පුතා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ පියා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.