26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට තුළ ලිස්ටීරියා වසංගතයක් නැහැ - සෞඛ්‍ය අංශ

මෙරට තුළ ලිස්ටීරියා වසංගතයක් නැහැ – සෞඛ්‍ය අංශ

ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ශ්‍රී පාදයට ගමන් ගන්නා එරත්න මාර්ගයේ වෙළඳසැළක සේවය කළ කාන්තාවක් මෙම රෝගයේ සංකූලතා නිසා මරණයට පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගැනීම අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් තවදුරටත් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකරන අතර ක්ෂේත්‍ර මට්ටමින් ආහාර සාම්පල හා ජල මූලාශ්‍ර ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

එසේම ශ්‍රී පාදය වන්දනා කළ තවත් දෙදෙනෙකු මිය යාමත් සමඟ මෙම රෝගය පිළිබඳව කතාබහක් ඇති වූ නමුත් ඔවුන්ගේ මරණවලට හේතුවද ලිස්ටීරියා රෝග තත්ත්වය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.