29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

ව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.

හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන අදාල රෙදි ව්‍යාපාරිකයා රෙදි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් රෙදි සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් ගෙවීමට තිබී ඇති අතර ණයකරු නිරන්තරයෙන් එය ඉල්ලා සිටියත් එය ගෙවීම පැහැර හැරීම නිසා එම 17 හැවිරිදි පිරිමි පාසල් සිසුවා පැහැරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම සිසුවා පේරාදෙණිය පාරේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ආපසු එමින් සිටියදී තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ වාහනයකින් පැමිණ සිසුවා පැහැරගෙන ගොස් කඩුගන්නාව ප්‍රදේශයේ රඳවාගෙන මහනුවර රෙදි ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් දී ණය ගෙවන තුරු ඔහුගේ පුත්‍රයා මුදා නොහරින බවට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව එම සිසුවාගේ මව මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණ එහි අපරාධ අංශයේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනතුරුව මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා දරුවා පැහැරගෙන ගිය බව කියන පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අතර දරුවා සමග සිටින තැනකින් පොලීසියට බාර වන ලෙස දැනුම් දීමෙන් පසු පැහැරගෙන ගිය සිසුවා පමණක් කඩුගන්නාව ප්‍රදේශයේ දී බස් රථයක නංවා පොලිසියට එවීමෙන් අනතුරුව ඔහු පළාගොස් ඇති බව පොලීසිය පවසනවා.

සිසුවාට එහිදී කිසිදු අනතුරක් සිදු කොට නොමැති බවත් පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.