28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇල්ලවල ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

ඇල්ලවල ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ අනෙක් තරුණයන් තුන්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි. දිය නෑමට ගොස් සිටි පිරිසක් අතරින් හතර දෙනෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය කළ සෝදිසියකදී එක් තරුණයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැණුනා.

පසුව ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාපතනය සහ ඇල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙනුයි මෙහෙයුම් අත්හැර දැමුණේ. අනතුරුව අද පෙරවරුවේ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද උදෑසන එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදීයි අතුරුදන්ව සිටි අනෙක් තරුණයන් තුන්දෙනාගේ සිරුරු සොයා ගැණුනේ.

කල්මුණේ සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 25 අතර වයස්වල පසුවන තරුණයන් 10 දෙනෙකු ඊයේ ඇල්ලවල දිය ඇල්ලට පැමිණ සිටියදීයි හතර දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ.

මළ සිරුරු වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.